වර්තමානය වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පරිසර දූෂණය පිළිබදව, වනාන්තර කැපිම හා වනාන්තර විනාශයන් පිළිබදව තරුණ ප්‍රජාව විරුද්ධ වීම්,එරෙහි වීම් දැකගත හැකිය. එය එලෙසින්ම තිබිය යුතුය. නමුත් එහිදි බහුලව විෂය මාතෘකාව වුයේ විල්පත්තු සංහාරය යන තේමාවයි. නමුත් මා මේ සදහන් කරන්නේ එයට විරුද්ධවත් හෝ පක්ෂවත් තර්ක නොව අද වන විට ශ්‍රී ලංකාවේ පරිසර විනාශය පුළුල් වශයෙන් කියවීමක් ලබා දීමට උත්සාහ කිරීමකි.
වන සංහාරය යන්න පිලිබදව දැක්විමේදී ශ්‍රී ලංකාව තුළ වන සංහාරයන් දිගින් දිගටම සිදුවෙමින් පවතී.2010 පාරිසරික දත්ත විශ්ලේෂණයට අනුව වසරකට සමාන්‍යයෙන් හෙක්ටෙයාර් 8,000ක් විනාශයට ලක්වෙමින් පවති.
මෙලෙස වන විනාශයන් වැඩිපුරම සිදුවන ප්‍රදේශයන් ලෙස ( 2014-2016 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදු කරන ලද අධ්‍යයනය ) ඔවුන් දක්වන්නේ
- අනුරාධපුරය
- මොනරාගල
- හම්බන්තොට
- අම්පාර
- පුත්තලම
යන දිස්ත්‍රික්කයන් ය.
මෙම වන විනාශයන් සිදුවීමට හේතු ලෙස මොවුන් දක්වන්නේ ජාතික මට්ටමෙන් කරන ලද සංවර්ධන ක්‍රියාවලීන් (රාජ්‍ය හා පෞද්ගලික ) යටිතල පහසුකම් සංවර්ධන දියුණු කිරීම්, ව්‍යාපෘතීන් ( මහා මර්ග / වරාය ) බලශක්ති පහසුකම් ඇති කිරිම්, සංවර්ධන ක්‍රියාවන් සදහා වන බිම් හෙලිකිරීම්, ආදියයි.
ජනතාව වන විනාශයන් පිළිබදව තර්කානුකූලව සිතමින් කියවීමක් කල යුතුය. පරිසර විනාශයට විරුද්ධ වීම් නිරන්තරයෙන් සිදු කරනවා සේම තමාද පෞද්ගලිකව පරිසරය ආරක්ෂා කිරීමක් කල යුතුය. එසේම සමාජයෙන් සැගවි සිදුවන වන විනාශයන් පිලිබදව නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් එම විනාශයන් වැළැක්වීමට ක්‍රියාකල යුතුය.
රටකට සංවර්ධන ව්‍යාපෘතීන් ඉතාමත්ම වැදගත් ය. නමුත් සිදුවිය යුත්තේ පවතින තත්වය විනාශ කරමින් නොව පවතින තත්වයන් රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ගොඩනැංවීම ය. වනාන්තර විනාශ කරමින් රටක ඇති කිරීමට බලාපොරොත්තුවන එම දිගුකාලීන සංවර්ධන නම් වූ ක්‍රියාවලිය සිදුකිරීමේ ප්‍රතිඵලය කුමක්ද?...මේ ඒ පිළිබදව විමසිල්ලෙන් සිතා කටයුතු කල යුතු කාලයයි.

No comments:
Post a Comment