පලතුරු ආහාරයට ගත්තත් ඒවායේ තියෙන ගුණ ගැන ගොඩක් දෙනෙකුට අවබෝධයක් නෑ. ඉතින් ඒ ගැන ඔයාල නොදන්න ඒත් ඔයාලට වැදගත් වෙන කරුණු කිහිපයක් මේ ලිපියෙ අන්තර්ගත වෙනවා.
දෙළුම්
- පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහි ව දෙළුම් යොදා ගත හැක.
- ඖෂධ භාවිතයකින් තොරව අධි රුධිර පීඩනය අවම කර ගත හැක
- දියවැඩියාව පාලනය කරයි
- හෘදයාබාධ ඇති වීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීම
- සන්ධිවලට හානි කරමින් අස්ථි සන්ධිප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම දෙළුම් යුෂ සහ ඇට මඟින් මතකය වර්ධනය වීම
අනෝදා
- පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ නතර වීම
- මාරාන්තික ආසාදන වළක්වමින් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කිරීම
- ශරීර ශක්තිය වර්ධනය කිරීම
- දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරිවල ගුණාත්මය වැඩි වීම
- පාචනය හා උණ වැළදීම අඩු වීම
- අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ හැකියාව
මිදි
- සමේ රෝග, උගුර ආශ්‍රිත රෝග ආදියට ගුණදායක ය.
- ආහාර රුචිය ඇති කරයි.
- ඉදුණු මිදිවල මූත්‍රාකාරක ගුණය අඩංගු අතර, සිහිල්ය. .
- පිපාසය, උදරයේ දැවිල්ල, උණ, ක්ෂයරෝගය, සෙංගමාලය, ඇදුම, වමනය, අක්‍රමවත් ඔසප් වීම, ශරීර තරබාරුව සහ කතා කිරීමේ අපහසුතාව වැනි රෝග තත්ත්වවලට ගුණ ලබාදෙයි. ආමාශයේ අම්ල තත්ත්වය අඩුකර, ආහාර ජීර්ණය පහසු කරයි.
- ,වයස්ගතවීම වළක්වා, තරුණ බව රැක දෙයි.
- මිදිවල අඩංගු යකඩ, නීරක්තිය හෙවත් ලේ හිඟ බවට සහනය ලබා දෙයි.
- .මිදිවල අඩංගු මැලික්, සිට්රික්, ටාටරික් ආදී අම්ල මගින් රුධිරය පිරිසුදු වේ.
- අන්ත්‍ර සහ වකුගඩු ක්‍රියාකාරීත්වය උත්තේජනය වෙයි.
- මූත්‍රා දැවිල්ලට මෙන් ම වේදනාකාරී ඔසප් වීම, අක්‍රමවත් ලෙසින් ඔසප්වීමේදී රුධිරය පිටවීම සහ ආතරයිටිස් රෝග තත්ත්වවලට ගුණ ලබා දෙයි.
බෙලි
- හිසරදය පාලනය කරයි
- ආහාර මාර්ගයේ රෝගී තත්වවලට ගුණදායකයි
- අම්ල පිත රෝගය සම්පූර්ණයෙන්ම සුව කරයි.
- බඩ පිපුම පාලනය කරයි.
- පණු රෝග නිසා හටගන්නා උදරයේ වේදනා දුරු කරයි.
- මල බද්ධය සුව කරයි.
- අර්ශස් රෝගයට ගුණදායකයි.
- ශරීරයේ විජලනය පාලනය කරයි.
- ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියාවට එරෙහිව සටන් කරයි.
- වයිරස් ආසාදන වලක්වයි
- දහදිය දුගඳ පාලනය කරයි.
- ප්‍රිතිඔක්සිකාරක ගුණය නිසා සම රැකදෙයි.
- සමේ රෝග පාලනය කරයි.
- සමේ පිළිකා ඇතිවීම වළක්වයි.
- නින්ද නොයන අවස්ථාවල ඖෂධයක් ලෙස භාවිතා කරයි.
- අතීසාර රෝගයට ගුණදායකයි.
- ආහාර දිරවීම හොඳින් සිදුකරයි.
- ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගුණය වැඩිකරයි.
- ගර්භාශයේ උෂ්ණත්වය පාලනය කරයි.
- ආතරයිටීස් රෝගයට ගුණදායකයි.




