ෆෝලික් අම්ලයේ විටමින් B9 අඩංගු වේ.එය කාන්තාවක් ගැබ්ගත් විට පමණක් නොව කාන්තාවක් දරුවෙකු පිළිසිඳගැනීමට සැලසුම් කරන විටද ප්‍රයෝජනවත් වේ. අළුත් සෛල සෑදීමටත්, තිබෙන සෛල ආරක්ෂා කිරීමට සහ ඒවා සෞඛ්‍ය සම්පන්නව තිබීමටත් ෆෝලික් ඇසිඩ් ශරීරයට අවශ්‍ය වේ.
ෆෝලේට් ලෙසද හදුන්වන ෆොලික් අම්ලය ස්නායු නාල වල අඩුලුහුඬුකම් විවිධ ආකාරවලින් වැළැක්වීමට උපකාර කරයි.එමෙන්ම මොළයේ ආබාධ වැළැක්වීම සහ උපතේදී සිදුවෙන සුසුම්නාවේ ආබාධ වළක්වයි.සෛල නිපදවීම, බෙදීම සහ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම වැනි ප්‍රධාන කර්තව්‍යයක් සිදු කරයි. ෆෝලික් අම්ලය මගින් දරුවන් තුළ Megaloblastic Anemia සැදීම වළක්වයි.
ස්නායු නාල වල ආබාධ වැලැක්වීමට දරුවා පිළිසිඳ ගැනීමට මාස තුනකට පෙර සහ පිළිසිඳගැනීමෙන් මාස තුනක් යනතුරු ෆෝලික් ඇසිඩ් පෙති ලබා දෙයි.
- දිනකට ෆොලික් අම්ල සම්පුර්ණ ප්‍රමාණය 400 mcg නොඉක්මවිය යුතු බව විශේෂඥයෝ පවසති .
- ගර්භනී තත්ත්වයට පත් වීමට බලාපොරොත්තු වන කාන්තාවන් : mcg 400
- ගර්භනී තත්ත්වයට පත් වී, මුල් මාස තුන ඇතුළත : mcg 400
- ගර්භනී තත්ත්වයට පත් වී මාස 4 – 12දක්වා : mcg 600
- මව්කිරි දෙන කාලය ඇතුළත : mcg 500
ෆෝලික් අම්ලය භාවිත කල යුතුය .

